Tuesday, November 15, 2016

සටහන - 03

අද මාගේ දිග හැරැම බලපිටිය හැඩ ගැන්වන
මා උපන් ගම ඔස්සේ තවත් සුන්දර පරිසරයක වෙතයි..
                    විමල් පෙණ පිඬුවෙන් වළාකුලෙව් නුඹ
                    සුසැදි වැලි තුඩුවෙන් යනෙන ඔබින් ඔබ
                    ලියන් නෙත් කඩුවෙන් පහර තෝ නොලැබ
                    අසුන් ගල් කඩුවෙන් යාගන් මිතුර සුබ
                                                                -තිසර සංදේශය-

එදා රුහුණේ මාගම්පුරය හා කැලණිපුරය බලා පයින් ගිය ජනයාට ගිමන් නිවීම සඳහා මාවත්, මධු හා වාඩිවී සිටීමට අසුන් ගල් හෙවත් ගල් ආසන පනවා තිබුණු නිසා අසුන්ගල් කඩුව ලෙස එදා අහුන්ගල්ල හඳුන්වා ඇත.
දඹදෙණි යුගයේ දේවපතිරාජ අමාත්‍යවරයාගේ අශ්ව හමුදාව සඳහා අශ්වගාල තිබූ තැන අසුන්ගල්ල බව දැක්වේ. අදත් අහුන්ගල්ල කැකිරිවත්ත සිරි විජයාරාම විහාරස්‌ථානය අසල තිබෙන "ගල් බැඳි පොකුණ" එදා අශ්වයින් නෑවීමට භාවිතා කරන ලද පොකුණ බව පවතින විශ්වාසයයි. ලංකාවේ දෙවන - බෞද්ධ පාඨශාලාව 1879 ජනවාරි මස 7 වැනිදා ආරම්භව ඇත්තේත් අහුන්ගල්ලේදීය එය කවුරුන් දන්නා ගා/රාජපක්ෂ විද්‍යාලයයි.. 

අහුන්ගල්ල සුන්දර ගමන් මග ඔස්සේ කිලෝමීටර් 5ක් පමන ගම තුළට ගමන් කරත්ම සුන්දර මාදු ගං කොමලියට පෞඩත්වයක් එක් කරන කොත්දුව රජ මහා විහාරය දැකගත්ම සිත ගත මොහොතකින් සුවපත් කරයි.

ංං-දළදා වහන්සේ වැඩම කළ කොත්දුව- ංං
අක්කරයක පමණ භූමියකින් හෙබි මෙම ස්ථානයේ හේමමාලා හා දන්ත කුමරු ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවද්දී පැවති යුධ තත්ත්වය නිසාවෙන් රෝහණ දේශයට පැමිණ වැලි තොට ආසන්නයේ වරායෙන් ගොඩ බැස රට තුලට අවුත් මාදු ගඟ ආසන්නයේ කොත් දූවේ වැලි වලින් සෑදූ දාගැබක සිරි දළදා වහන්සේ නිධන් කොට පුද පූජා පවත්වමින් රැක යුද්ධය අවසානයේ අනුරාධපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරි නැමූබව ඉතිහාසයේ සඳහන් වේ.

මෙහි ඇති ඓතිහාසික බෝධිය අවුරුදු 2320ක් පැරණි මහන්දාගමනයේදී මෙරටට රැගෙන ආ මහා බෝධීන් වහන්සේගෙන් හට ගැනනු දෙතිස්ඵල බෝධීන් වහන්‍ෙසේලාගෙන් අවසානය වන ඇඹලව රහත් ගල් වෙහෙර රෝපණය කල බෝධීන් වහන්සේයි.කොත්දූව රජමහා විහාරය ඉතා ඈත අතීතයකට උරුමකම් කියන ඓතිහාසික සිද්ධස්‌ථානයකි. මෙහි වත්මන් විහාරස්‌ථානය මීට වසර එකසිය විස්‌සකට පමණ පෙර ඉදිවූවත් එහි ඉතිහාසය දෙවන පරාක්‍රමබාහු රජ දවස දක්‌වා දිව යයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පර සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා වීදිය බණ්‌ඩාර කුමරුගේ කාලයේ මෙම දූපතෙහි තැන්පත් කර තිබුණා යෑයි "ලංකාදීප වර්ණනා", "ලංකා තරණී" යන ග්‍රන්ථවල සඳහන් වේ.

හේමමාලා හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ මෙරටට ගෙන එන ගමනේදී මඳ කලක්‌ කොත්දූවේ නවාතැන් ගත් බවත් ආරක්‍ෂාව සඳහා දළදා වහන්සේ මෙහි තැන්පත් කර තිබූ බවත් ජනප්‍රවාදයේ කියෑවේ. කලක්‌ දකුණේ පාලකයාව සිටි දේවපතිරාජ ඇමතිවරයා විසින් මෙම රජමහා විහාරයේ බෝධි වෘක්‍ෂය රෝපණය කළා යෑයිද ඉතිහාස කතාවල සඳහන් වේ.



No comments:

Post a Comment