අද මාගේ සටහන තුළින්, මා පෞද්ගලිකව ගෞරව දක්වන මෙන්ම අප ලක් භූමිය තුළ විශිෂ්ට මෙහෙවරක් කළ උදාර පුද්ගලයකු, හෙළ බෞද්ධ නායකයකු මෙන්ම
දේශ හිතෛෂී පුද්ගලයකු වශයෙන් සලකන මෙතුමා, මා උගත් දෙයක් වීද අකුරු කර ඇති
දෙයක් වීද එ් මෙතුමාට පිං සිදුවන්නට විය යුතුය.බලපිටිය උපන් ඔබට එය කිව යුත්තක් නොවනු ඇත...
දේශ හිතෛෂී පුද්ගලයකු වශයෙන් සලකන මෙතුමා, මා උගත් දෙයක් වීද අකුරු කර ඇති
දෙයක් වීද එ් මෙතුමාට පිං සිදුවන්නට විය යුතුය.බලපිටිය උපන් ඔබට එය කිව යුත්තක් නොවනු ඇත...
මෙතුමා මෙලොව එළිය දුටුවේ, අදිරියන් ආබ්‍රේව් රාජපක්‍ෂ සහ ඇග්නස් රාජපක්‍ෂ යුවළට දාව 1900 මැයි මස 3 දාය. ඒ දකුණු පළාතේ බලපිටියේ වැලිතර හාරඹ වලව්වේදීය. පවුලේ එකම පිරිමි දරුවා වූ ලලිත ට දෙමාපියන් නම් තබන ලද්දේ ලුවී ඇලෙක්‌සැන්ඩර් රාජපක්‍ෂ යන නමිනි. අනගාරික ධර්මපාල තුමන් ආශ්‍රය කිරීම නිසා, එතුමාගේ අනුගාමිකයකු වී යුරෝපීය නමේ ලුවී ඇලෙක්‌සැන්ඩර් කොටස ඉවත්කර ඒ වෙනුවට ලලිත් අභය යනුවෙන් ආර්ය නම ව්‍යවහාර කළේය.
ලලිත් අභය රාජපක්‍ෂ මහත්මා බලපිටිය වැලිතර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව කොළඹ ආනන්ද මහ විදුහලට ඇතුළත් වී වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට 1921 ජනවාරි 21 දා ඇතුළත් විය. ප්‍රථම වරට විශ්වවිද්‍යාල ආරම්භ වූ යුගයේ පළමු ශිෂ්‍ය කණ්‌ඩායමට ඇතුළත්ව සිට එංගලන්තයේ ලන්ඩන් සරසවියටද ඇතුළත් විය. එංගලන්තයේ ලින්කන්ස් නීති විද්‍යාලයේදී නීති උපාධිය ලබාගත් ප්‍රථම ශිෂ්‍යයා වශයෙන්ද මෙතුමා නීති විදුහලේ නමක් තැබීය.
1925 වසරේදී ලංකාවට පැමිණ මහාධිකරණයේ නීතිඥයකු වශයෙන් කටයුතු කර 1926 දී ලංකා නීති විද්‍යාලයේ කථීකාචාර්යවරයකු වූයේය. මෙතුමා අධ්‍යාපන කටයුතුවල නියෑලෙද්දී 1922 වර්ෂයේ බී. ඒ. උපාධියත්, 1923 දී එල්. එල්. බී. ගෞරව උපාධියත්, 1924 දී බැරිස්‌ටර් ගෞරව උපාධියත් ඊළඟ වර්ෂයේ නීති උපාධියත් ලැබ 1944 වන විට රාජ නීතිඥ සම්මානය පවා ලැබීමට දක්‍ෂවිය. 1946 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු බවටද පත්විය.
1935 වසරේදී ක්‍රිසෝබල් ගුණසේකර මෙනවිය හා විවාහ වී දරුවන් තිදෙනකුගේ දයාබර පියෙකු වූයේය. තමාගේ නිජ බිම් පියස වූ බලපිටිය ප්‍රදේශයේ දියුණුවට මුලින්ම අත හිත යොදවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් නව පාසලක් ඉදිකළේය. එකී පාසලට රේවතී නැකතින් මුල් ගල තැබීම නිසා රේවත මහා විද්‍යාලය යනුවෙන් නම් කරන ලදී. ගුරු විදුහලක ප්‍රතිසංස්‌කරණ කටයුතු ද කරවන ලදුව එකී විදුහල ඩී. එස්. සේනානායක අගමැතිතුමා ලවා විවෘත කරවීය.
ප්‍රදේශයේ ආගමික, සාමාජීය හා අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා බලපිටිය තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කර එහි ප්‍රථම සභාපතිවරයා වූයේද මෙතුමාය. බලපිටිය මිගෙට්‌ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමිපාණන්ගේ ප්‍රතිමාවක් ඉදිකර එය අගමැති ඩඩ්ලි. සේනානායක මහතා ලවා 1967 දී විවෘත කරවා තිබේ. සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති පදවියෙන්ද 1961 සිට 1964 දක්‌වා නියෑලී සිටියේය.
ඩී. එස්. සේනානායක අගමැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමක් පරිදි දේශපාලනයට පිවිස උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ (සෙනෙට් සභාව) මන්ත්‍රීවරයෙකු වී ප්‍රථම අධිකරණ අමාත්‍ය පදවියෙන්ද පිදුම් ලැබීය. අනතුරුව 1949 වර්ෂයේදී උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ සභානායක පදවියටද පත්විය. ඩී. එස්. සේනානායක සහ ඩඩ්ලි. සේනානායක යුගවලදී අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සේවය කරද්දී අධිකරණයේ කාර්යයන් අවංකවම ඉටුකළේය. සර් ජෝන් කොතලාවල මහතා අගමැති තනතුරට පත්වීමෙන් පසුව අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.
1965 දී ප්‍රංශ තානාපති වශයෙන්ද 1967 දී මහා බ්‍රිතාන්‍යයේ ලංකා මහ කොමසාරිස්‌වරයා ලෙසද කටයුතු කර තිබේ. ප්‍රංශයේ තානාපති වශයෙන් සේවය කළ කාලයේදී ප්‍රථම වරට එරටේ වෙසක් උත්සවයක් පැවැත්වීමට ක්‍රියා කළේය.
ලංකා දේශපාලන ඉතිහාසයේ සිටි කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම අවංක නිලධාරියකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් ලලිත රාජපක්‍ෂ මහතා 1976 මැයි 25 දා මෙලොව හැර ගියේය...
නියමයි දිගටම කරන් යමු. සෑහෙන ප්‍රයෝජනවත් වැඩක්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට,දිගටම අපිත් එක්ක ඉන්න
ReplyDeletehttps://balapitiyabrahamis.blogspot.com/
ReplyDelete